තැලිසීමියා රෝගයෙන් අතමිදෙමු…..
තැලිසීමියා රෝගය යනු පරම්පරාවෙන් පරම්පරාවට ජානවලින් සම්ප්‍රේෂණය වන ජීවිතය කාලය පුරා රුධිරය පිටතින් ලබා ගත යුතු රෝගී තත්වයකි. මෙම රෝගයට ගොදුරු වූවකුට මසකට 02 වරක් පමණ රුධිරය සිය ජීවිත කාලය පුරා ලබාදිය යුතු වේ. රුධිර බැංකුවෙන්, නිකුත් කරනා රුධිරයෙන් 75% ක් පමණ වැය වන්නේ මෙම රෝගීන්ගේ නඩත්තුව සඳහා ය. රුධිරය යනු ජාතික පොදු සම්පතකි. අප සැමට කවර මොහොතක දී හෝ අවශ්‍ය විය හැකි සම්පතකි. දැනට ශ්‍රී ලංකාවේ 5% පමණ තැලිසීමියා රෝග වාහකයින් වාර්තා වේ. එයින් 10% පමණ වැඩි අගයක් වයඹ පළාතෙන් වාර්තා වේ.
රටේ ජාතික සෞඛ්‍යය වෙනුවෙන් වාර්ෂිකව වෙන් කරන මුදලෙන් 10% කට ආසන්න මුදලක් මෙම තැලසීමියා (Thalassaemia) රෝගය නඩත්තුව සඳහා යෙදවේ. රෝගී ඇඳන් 60ක් පමණ දෛනිකව රෝහල තුළ නඩත්තු වේ. මේ සා විශාල සංඛ්‍යා දත්තවලින් අපට ගම්‍ය වන්නේ, රටෙහි විශාල සම්පත් ප්‍රමාණයක් මෙම රෝගීන්ගේ සුබ සාධනය සඳහා රජය විසින් දරණා කාරණය ක් බවයි.
මෙම රෝගීන්ගේ ජීවිත කාලීන වශයෙන් නඩත්තුවෙන් මිදී සම්පූර්ණයෙන් සුව කළ හැක්කේ – ඇට මිදු`ඵ බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් හෝ දැනට ශ්‍රී ලංකාවේ භාවිතා නොවන ජාන – තාක්ෂණික පිළියමකින් පමණි. මෙම රෝගය සෑදීමට පෙර වළක්වා ගත හැක්කේ විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් මගින් වාහක තත්වය හඳුනාගෙන – තැලිසීමියා වාහක දෙදෙනෙකු අතර විවාහය වළක්වා ගැනීමෙන් පමණි. රෝගය වැළඳුන පසු එයින් මිදිය හැක්කේ – ඉහත සඳහන් මිල අධික (රු.මිලියන හයක් පමණ) වන ශල්‍යකර්මයකින් පමණි.
මෙම මිළ අධික නවීන තාක්ෂණික ශල්‍යකර්ම පද්ධතිය රට තුළ ශක්තිමත්ව බල ගැන්වීම උදෙසා මූල්‍ය සම්පත් අනුග්‍රහයක් ප්‍රබල ලෙස අවශ්‍ය වී තිබේ. මේ සඳහා විවිධ පරිමාණයේ, සමාජ ක්‍රියාකාරීන්ගේ සහ ස්වේච්ඡා සංවිධානවලින් සැලකිය යුතු මෙන්ම ප්‍රශංසා කළ යුතු දායකත්වය ලැබෙමින් පවතී. නමුත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.
මෑතකදී කෙරුණු, තවත් එවන් ඉදිරි වැඩපිළිවෙලක් වන්නේ – මෙම රෝගී පවුලේ ආශ්‍රිතයන් විවිධ පරිමාණයේ ගෘහ කර්මාන්තය හා සම්බන්ධ බෑග් නිෂ්පාදන, පාවහන් නිෂ්පාදන ආදී විවිධ නිෂ්පාදන සඳහා යොමු කරවීමයි. මේවා දැනට ලංකාව තුළ විවිධ අයගේ උපකාර ඇතිව තැනින් තැනට අලෙවියට තබා තිබේ.
තවදුරටත්, මෙම නිෂ්පාදන අන්තර්ජාතික මට්ටමෙන් නිෂ්පාදනය කර විදේශ රටවල අලෙවි කිරීම මේ මොහොතේ අවශ්‍ය වී තිබේ. තවද, ආධාර වශයෙන් චිත්‍රපට/ නර්තන ප්‍රසංග කිහිපයක් විදේශ රටවල ප්‍රදර්ශනය සඳහා සූදානම් කර තිබේ. ඒ සඳහා ප්‍රදර්ශන පසුබිමක් හා අවකාශයක් විදේශ රටවල් තුළ සූදානම් කිරීමටත්, විදේශිකව ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ගෞරවණීය සහයෝගය මේ සඳහා ලබාගැනීමටත් මේ මොහොතේ අපේක්ෂා කරමු.
මේ සඳහා දායකත්වය දක්වන ගෞරවනීය ඔබ සැම සඳහා පැය විසිහතර පුරා ක්‍රියාත්මක පහත දුරකතන අංක ඔස්සේ අප සමග සම්බන්ධ විය හැකි ය.
+94702733000/ +94 710435207 (Whatsapp)
අපි සැම කඩිනමින් මෙම රෝගය ජයගනිමු.
ස්තූතියි
නිර්මාණ සංසදය
ජාතික තැලසීමියා ඒකකය, කුරුණෑගල
